තල්දෙන නිලිවත්තේ ඉඩමක කැනිම් සිදු කරමින් සිටි පිරිසකට පෞරාණික වටිනාකමකින් යුත් ලෝහ භාණ්ඩයක් හමුවී තිබෙනවා.
මෘත දෙහේයක් මිහිදන් කිරිම සදහා එම ස්ථානය සැරසිලි කරමින් සිටි පිරිසක් තොරණ ඉදිකිරිම සදහා වලක් කපද්දි මෙය මතුව ඇති බව වාර්තා වනවා. ඔවුන් මේ පිලිබද ග්රමනිළධාරිවරයාට දැනුම්දී ඇති අතර ඔහු විසින් මෙය පොලිසියට දැනුම්දී තිබෙනවා. බදුල්ල පොලිස් නිළධාරින් පිරිසක් පැමිණ මෙය පොලිස් භාරයට ගෙන තිබෙනවා. බදුල්ල පුරාවිද්‍ය දේපාර්තුමෙන්තුවේ නිළධාරින් විසින් මෙම වස්තුව පසුගිය 14 වනදා පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
වටාපතක හැඩය ඇති මෙය තඹ මිශ්‍ර ලෝහයකින් තනා ඇති මෙම භාණ්ඩය කිලෝග්‍රෑම් 1.38ක බරකින් යුක්ත වනවා. මෙය පූරාවිද්යත්මක වටිනාකමක් ඇති භාණ්ඩයක් බව ඔවුන් විසින් හදුනාගැණුනා.
එහෙත් මෙය කුමක්ද කුමන කාලයකට අයත් දැයි වැඞ්දුර පරික්ෂණ සිදුකල යුතුබව පුරාවිද්‍ය නිළධාරින් පවසනවා. මෙම භාණ්ඩය හමුවු ස්ථානයට නුදුරින් ගල් කණු හා පුරාවිද්‍යාමක ගොඩනැගිලිවල නටබුන් තිබෙන බව ප්‍රදේශවාසින් පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.