2012-11-16

නයි නළඟනගෙන් පොලීසියට චොදනාවක්


නාගයෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තරුණියකට එරෙහිව කොල්ලුපිටිය පොලීසිය මගින් පවරා තිබූ නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (15) සලකා බැලුණා. එහිදී නඩුවට අදාළ මූලික විරෝධතා ගොනු කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විත්තිකාරියට කල් ලබා දී තිබෙනවා. ඒ අනුව දෙ‍සැම්බර් මස 26 වන දින නඩුව යළි කැඳවීමට නියමිතයි.
සමාජ ශාලාවක් තුළදී නාගයෙකු ළඟ තබා ගෙන සිටි නිරෝෂා විමලරත්න නැමැති තරුණිය කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකලාපය හිංසාකාරී වු බව අදාළ තරුණිය ප්‍රකාශ කර ඇති බවද නඩු විභාගයේදී අනාවරණ වී තිබෙනවා.
Source - Ada Derana

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.