2012-11-16

මාසික ජීවනාධාරය මාසික විශ්‍රාම වැටුපක් විදිහට දෙන්න බැරිද?


මෙවර අයවැයෙන් වයස 65 ඉක්ම වු ජුලි වර්ජකයින්ට රුපියල් පන්දහසක මාසික ජීවනාධාරයක් ගෙවීමට කෙරුණු යෝජනාව මාසික විශ‍්‍රාම දීමනාවක් ලෙස නම් කොට ක‍්‍රියාත්මක කරන ලෙස ජුලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම සංවිධානය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ අදාළ වයස් සීමාවෙන් පහළ තවත් ජුලි වර්ජකයින් 300 දෙනෙකු පමණ සිටින බවයි. ඔවුන් සඳහා ද අදාළ සහනය ලබදෙන ලෙස ජුලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංවිධානය ඉල්ලා සිටිනවා. 1995 දී පිහිට වූ ශ‍්‍රම වාසනා අරමුදලින් රුපියල් මිලියන 100 ක මුදලක් ඒ සඳහා ලබාගත හැකි බවද එම සංවිධානය ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් යෝජනා කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.