2012-11-20

ලක්ෂයක අල්ලස් ගත් ස්ථානාධිපති සහ සැරයන් මාට්ටු


රන් භාණ්ඩ හිමිකරුවකුගෙන් සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට නොගැනීමට සහ නීත්‍යනුකූලව කටයුතු නොකිරීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පොලිස් විමර්ශන අංශයේ උසස් නිලධාරියකු පැවැසුවේ සැකකරුවන් දෙදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇති බවයි. 
සැකකටයුතු පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් ස්ථානයේදීය. කොළඹ කිරුළපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත මේ වැටලීම සිදුකර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.