2012-11-20

වැලිකඩ කැරැල්ල මෙල්ල කළ අපූරු ජේලර්වරයෙක් - CIDයෙන් පරීක්ෂණ

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගේ අරගලය සිදුවූ අවස්ථාවේ සිරකරුවන් පිරිසක් මෙල්ල කරගත් ජේලර්වරයකු ඝාතනය කිරීමට දරුණු ගණයේ අපරාධකරුවකු උත්සාහ ගත් අන්දම සහ සිරකරුවන් පිරිසක් එම ජේලර්වරයා ආරක්ෂා කරගත් අන්දම පිළිබඳවද රහස් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. 
ගිනි අවි රැගත් සිරකරුවන් පාලනය කිරීමට පළමුවන කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ ඇතැම් වගකිව යුතු නිලධාරීන් ගොඩනැඟිල්ලෙන් පිටතට පැන ගනිද්දී සිරකරුවන් පිරිසක් මෙල්ල කරගෙන ඇතුළත රැඳී සිටි ජේලර්වරයා තවත් නියාමකවරුක් කීප දෙනකු සමඟ ගිනි අවි 28ක් නැවත ආපසු ගෙන ඇති අන්දම පිළිබඳවද තොරතුරු හෙළි වී ඇත. 
කඳුළු ගෑස් ප්‍රහාරය මැද වගකීම් අතහැර දමා ගිය ඇතැම් නිලධාරීන් අලුයම් කාලයේ නැවැත බන්ධනාගාරයට පැමිණි ආකාරය සහ ඉන්පසු ක්‍රියාකළ ආකාරය පිළිබඳව එම නිලධාරීගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියක් පැවැසීය. ගිනි අවි එකතු කරගත් ජේලර්වරයා ඝාතනය කිරීමට සොයමින් සිටි අපරාධකරු ආරක්ෂක හමුදා සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 
මේ අතර එම සිද්ධියෙන් පසු ටී-56 ගිනි අවියක් රිවෝල්වරයක් සහ පිස්තෝලයක්ද පැහැරගෙන පලාගිය සිරකරුවන් 4 දෙනා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.