2012-11-21

හඳපානාගල පුබුදුගමටත් රතු වැස්සක්


වැල්ලවාය හඳපානාගල පුබුදුවැව ගම්මානයට ඊයේ සවස රතු වැස්සක් ඇදහැළුණා. ගෙමිදුල්වල සහ නිවෙස්වල වහලය මත රතු පැහැති පැල්ලම් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. නිවෙස් කිහිපයක ජල සාම්පල එකතු කර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා. එවැනි රතු වැසි මීට පෙර මෙරටින් වාර්තා වූයේ සෙවණගල, මනම්පිටිය, හිඟුරක්ගොඩ සහ පදියතලාව යන ප‍්‍රදේශවලින්. ඊට හේතුව රතු පැහැති ඇල්ගී විශේෂයක් බව පරීක්ෂණවලින් හඳුනා ගැනුනා. රතු වැස්සේ යකඩ සාන්ද්‍රණයද අධික බවයි තහවුරු වී තිබෙන්නේ. එහෙත් ඒ නිසා මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇති වන්නේ දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.