කිලිනොච්චිය ප්‍රදේශයේ දෙමළ තරුණියන් සියදෙනෙකු පළමුවරට යුද හමුදාවට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ 6 වෙනි ශ්‍රී ලංකා කාන්තා බළ ඇණියට ඔවුන් බඳවා ගැනීමට නියමිතයි. අදාළ බඳවා ගැනීම් හෙට (17) දිනයේ දී සිදු කෙරෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේය. මෙම දෙමළ තරුණියන් පුහුණුවෙන් පසු උතුරු ප්‍රදේශයේ සේවය සඳහා යොදාගනු ලැබීමට නියමිතයි.
2012-11-16
දෙමළ තරුණියන් සිය දෙනෙක් යුද හමුදා සේවයට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.