බදුල්ලල විහාරගොඩ ප්රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකු ඇසිඩ් ප්රහාරයකට ලක්වී ඇති බව වාර්තා වනවා. ඇසිඩ් ප්රහාරයට ලක් වු කාන්තාවන් දෙදෙනා බදුල්ල රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය පවසනවා. මෙලෙස ඇසිඩ් ප්රහාරයට ලක්ව ඇත්තේ බදුල්ල ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ 65 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අනියම් සම්බන්ධයක් මෙම ඇසිඩ් ප්රහාරයට හේතුවී ඇති බවයි. ඇසිඩ් ප්රහාරය එල්ල කළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බව බදුල්ල පොලීසිය පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.