2012-11-20

අන්තර්ජාලයෙන් ඇදෙන ස්වීප් ටිකට්


අන්තර්ජාලය භාවිත කරමින් වංචා සහගත ලෙස මුදල් රැස්කිරීමේ ජාවාරම් පිළිබඳව තොරතුරු වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එවැනි මුදල් එක්රැස් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබී ඇති බව එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සදහන් කළේ.
ලොතරැයි දිනුමක් හිමි වු බවට පවසමින් ඊමේල් සහ දුරකථන කෙටි පණිවුඩ මාර්ගයෙන් දැනුම් දී මෙම ජාවාරම්කරුවන් මුදල් එක්රැස් කිරීමේ කටයුතු සිදුකරන බව ඔහු පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.