ආසාත්මිකතාවක් හේතුවෙන් බලංගොඩ වැලිගෙපොළ සෝමාදේවී ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් පනහකට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් ඇතුළත් කර ඇත්තේ වැලිගෙපොළ රෝහලටයි. මේ පිළිබඳ එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.අයි. සංජීව මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සමේ ඇති වූ කැසීමක් සහ ක්ලාන්තය හේතුවෙන් මෙම සිසුන් රෝහල්ගත කර තිබෙන බවයි.
මේ අතර ගම්පොළ පන්නිලතැන්න මහා විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු ද අසාත්මිකතාවක් හේතුවෙන් පන්නිලතැන්න මූලික රෝහලට ඊයේ ඇතුළත් කෙරුණා. මැක්කන් සහ ඳුවිලි හේතුවෙන් ශරීරයේ කැසීම් මෙන්ම ඇතැම් සිසුන්ට ක්ලාන්තය ද ඇති වී තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර මෙලෙස රෝගාතුර වී ගම්පොළ රෝහලට ඊයේ ඇතුළත් කෙරුණු ජිනරාජ බාලිකා විද්‍යාලයේ සිසුවියන් 15 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේ එම සිසුවියන් පිරිස අද දින රෝහලෙන් පිටත් කර යැවීමට හැකි වනු ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.