කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරංජන් අබේවර්ධන මහතාට ඊයේ ලබාදුන් හදිසි ස්ථාන මාරුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. ඒ මහතා අද උදෑසන සිට කහවත්ත පොලීසියේ ස්ථානාධිපති ලෙස නැවත වැඩ භාරගෙන තිබෙනවා. කොටකෙතන සහ කහවත්තේ සෙසු මනුෂ්‍ය ඝාතනවල පරීක්ෂණ ප්රමුඛයෙකු ලෙස ඔහු කටයුතු කළා. එසේ තිබියදී ඔහුට ලබාදුන් හදිසි ස්ථාන මාරුව අනුමත කළ නොහැකි බවයි කහවත්ත නගරවාසීන් පැවසුවේ. ඒ බව අවධාරණය කිරීමට ඔවුන් ඊයේ පස්වරුවේ කළු කොඩි ඔසවා වෙළෙඳසැල්ද වසා දමා උද්ඝෝෂණයක නිරත වුණා.
මේ අතර එම ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවද වාර්තා වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.