අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ලෙස අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා අද පත් කෙරුණා. පාර්ලිමේන්තුව අමතමින් කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසුවේ ආණ්ඩු පක්ෂයෙන් නියෝජිතයන් 7 දෙනෙකුද, විපක්ෂයෙන් නියෝජිතයන් 4 දෙනෙකුද ඊට ඇතුළත්ව සිටින බවයි. ආණ්ඩු පක්ෂයේ සෙසු නියෝජිතයන් වන්නේ නිමල් සිරිපාල ද සිල්වා , සුසිල් පේ‍්‍රමජයන්ත් , රාජිත සේනාරත්න, විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නියෝමාල් පෙරේරා මහතායි. ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, විජිත හේරත් සහ ආර්. සම්බන්ධන් යන මන්තී‍්‍රවරුන් විපක්ෂයේ නියෝජිතයන් වනවා.
2012-11-14
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.