2012-11-19

මුල සිටම අපි 13ට එරෙහියි - සම්බන්ධන් පරිපාලන කලාප තුනක් හෝ හතරක් ඉල්ලයි

මුල සිටම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කළ බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී සිදු කළ කතාවෙන් පවසා ඇත.
ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධන අර්ථ විරහිත එකක් බව සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය කතාවේ දී අවධාරණය කොට ඇති අතර 13 වැනි සංශෝධනය අර්ථ විරහිත එකක් බැවින්  දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කළ බව සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ද පවසා ඇත්තේ 13 වන සංශෝධනය අහෝසි කරන්නේ නම් රට පරිපාලන කලාප තුනකට හෝ හතරකට බෙදිය යුතු බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.