2013-01-18

හිටපු අගවිනිසුරුවරියගේ තීන්දු නව අගවිනිසුරුගේ කුණු බක්කියට


සිවිල් අභියාචනා මහාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන් 07 දෙනෙකුට ලබන 21ක් වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා තීරණය කර තිබෙනවා. හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී තිබුණා. කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ, ගම්පහ සිවිල් අභියාචන මහාධිකරණයේ සමන් වික‍්‍රමාරච්චි සහ ගම්පහ සිවිල් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා යන මහත්ම මහත්මීන්ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබුණා. ඊට අමතරව අම්පාර මහාධිකරණ විනිසුරු අනුර කුමාර මහතාටද ස්ථාන මාරුවීම් ලබාදී තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. අනුරාධපුර සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අවිස්සාවේල්ල සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා යන මහත්ම මහත්මීන්ට ද ස්ථාන මාරුවීම් ලබාදී තිබුණා. එමෙන්ම, ගල්කිස්ස සිවිල් මහාධිකරණ විනිසුරු ඉසෙඞ් රසීන් මහතාටද ස්ථාන මාරුවීමක් ලබාදී තිබූ බවයි වාර්තා වුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.