නාවික හමුදාව විසින් ර`දවාගෙන සිටි ඉරාන ධජය සහිත නෞකාවක් නාවික හමුදා අනතුරු ඇගවීම්ද නොතකා පළාගොස් ඇතැයි වාර්තා වනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ එම්.වී. අමීනා නම් වූ මෙම නෞකාව අධිකරණ නියෝගයක් මත රඳවාගෙන සිටි බවයි. අදාළ ඉරාන නෞකාව ජර්මානු බැංකුවකට ගෙවිය යුතු මුදලක් නොගෙවීම හේතුවෙන් එම බැංකුව මගින් නෞකාවට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළා. කෙසේ වෙතත් පසුගිය බදාදා වන විට මෙම ඉරාන නෞකාව ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් පිටතට යාත‍්‍රා කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වුණා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ මේ වන විට අදාළ නෞකාව නාවික සැතපුම් 12 ක සීමාව ඉක්මවා ගොස් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිස ඇති බැවින් එක්සත් ජාතීන්ගේ නීති රීතිවලට අනුව ඊට එරෙහිව පියවර ගත නොහැකි බවයි. කෙසේවෙතත් නෞකාව නතර කරගැනීමට සාකච්ඡා කළද මේ වන තෙක් ඊට නිසි ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
2013-01-18
ඉරාණ නැව නාවික හමුදාවේ කනෙන් රිංගා යයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.