2013-01-19

අපයෝජනයට ලක්වන දරුවන් මාධ්‍ය මගින් දෙවන වතාවටත් අපයෝජනය කරනවා


අපයෝජනයට ලක්වන දරුවන් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන් ආකාරය ටෙලි නාට්‍යයක මෙන් රඟ දක්වා පෙන්වීම නිසා මෙන්ම අපයෝජනයට ලක්වූ දරුවන්ගෙන් අනවශ්‍ය විස්තර අසා ප‍්‍රචාරය කරන ඇතැම් රූපවාහිනි නාළිකා එම දරුවන් දෙවැනි වරටත් අපයෝජනයට ලක් කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසනවා. බරපතළ ලෙස හිංසනයට පත්ව පසුගියදා මියගිය ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාව පිළිබඳ සිද්ධිය වාර්තා කිරීමේදී එරට සියලූ මාධ්‍ය ලෝකයටම ආදර්ශයක් සැපයූ බවත් අපේ රටේ එවන් සිදුවීමක් වූවා නම් පරම්පරා ගණනක තොරතුරු මාධ්‍ය මඟින් හෙළිකර එම ප‍්‍රවෘත්තිය විකුණා ගනිමින් පටු ලාභ ප‍්‍රයෝජන ලබාගැනීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරන බවත් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පෙන්වා දුන්නා.
පෙර පාසල් ලියාපදිංචි කිරීම පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.