2013-01-09

දේවානන්දේ විද්‍යා සිසුවා පැහැර ගත් පියෙක් අත්අඩංගුවට


අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයේ සිසුවකු පැහැරගත් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ පස්වරුවේ බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කෙරුණේ. එම විදුහලේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් හටගෙන තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරු ගැටුමට මැදිවූ එක් සිසුවකුගේ පියෙක්. ඔහු තම පුත‍්‍රයා සමග මෝටර් රථයකින් ගොස් ගැටුමට සම්බන්ධ සිසුවකු පැහැරගෙන ගොස් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. පොලිස් පරික්‍ෂණවලදී හෙලිවුණේ එලෙස පැහැර ගැනුණු සිසුවාට පහරදී පසුව අතරමග දමාගොස් ඇති බවයි. පහරදීමට ලක්වූ එම සිසුවා මේ වන විට බලපිටිය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.