නිරූපණය යනු කලාවකි. විලාසිතා නිරූපණයේ දී මෙන්ම ජායාරූප නිරූපණය තුළ දී පේ්රක්ෂකයාට දැනවීම සහ සන්නිවේදනය කිරීම සඳහා පෙනී සිටීමේ දී මේ නිරූපණය වඩාත් සිත් ඇද බැඳගැනීමකින් යුතුව සිදුවිය යුතුය.
මෙහි දී විශේෂයෙන්ම විලාසිතා සජීවි ප්‍රසංග නිරූපණයේ දී පේ්රක්ෂකයාට එය රසවිඳගැනීමට අවශ්‍ය බොහෝ දේ එම අවස්ථාවේ සංවිධානය වී තිබේ සංගීතය වර්ණ ආලෝකය ඇතුළු බාහිර පරිසරයේ චමත්කාරය ආදී වශයෙන්. නමුත් ඡුායාරූප යකට පෙනී සිටීමේ දී ඇත්තේ ඉදිරිපත් කරන නිරූපණ ශිල්පියාගේ හෝ ශිල්පිණියගේ නිරූපණ ආකර්ශණය පමණි.
ලංකාවේ අද බොහෝ ජායාරූප ශිල්පීන් සිටියත් එය කලාවක් සහ වෘත්තීය මට්ටමින් කරන අය සිටින්නේ අතලොස්සකි... වර්තමානයේ ඩිජිටල් කැමරාවක් අතැති බොහෝ පිරිස් ඡායාරූප ශිල්පින් ලෙස පෙනී සිටියත් ඡායාරූප කලාව තාක්ෂණික කලාත්මක විෂයකි.
මීෂා ගුණවර්ධන ගේ ජායාරූප කලාව සුවිශේෂත්වයක් ගනී. මීෂා විසින් ජායාරූපයට යොමුකරගනු ලබන ශිල්පියා හෝ ශිල්පිණිය ඡායාරූපට පෙණී සිටින්නේ ජායාරූපය නරඹන රසිකයාට රසයක් ජනිත වන ආකාරයෙනි.
මේ රසය තුළ ඇත්තේ කලාවකි. ජායාරූප නිරූපණය පහසු දෙයක් නොවේ සම්ප්‍රදායික ජායාරූප නිරූපණයන්ට වඩා මීෂා තම කලාව තුළ වෙනස්ම යමක් රසිකයාට ඉදිරිපත් කරයි. මීෂා මේ සඳහා ආලෝකය කාච වර්ණ පසුතල සහ පසුතල උපකරණ මෙන්ම නිරූපණ ශිල්පියා ගේ සහ ශිල්පිණියගේ භාව ප්‍රකාශණ යොදා ගැනීම මෙහි දී සුවිශේෂත්වයක් ගනියි.
ඡායාරූපක් ගැනීම සහ ඡායාරූප නිරූපණය යන කාරණා දෙකම ඇතුළත් විවිධ අවස්ථා කිහිපයකි මේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.