2012-03-21

කටුගේ හෙට සිට ඇරේ


කොළඹ ජාතික කෞතුකාගාරයේ පළමු මහල හෙට (22) සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබෙන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ දී මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා අද මේ බව සඳහන් කළා.
 පසුගිය 16 වන දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කෞතුකාගාරයේ දෙවන මහලේ තබා තිබූ කඩුවක්, රන් කාසි සහ මුදු කිහිපයක් පැහැරගෙන ගොස් තිබිණි. එම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු වෙනුවෙන් කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා වසා තබනු ලැබුවා. එම පුරාවස්තු සොරකම සම්බන්ධයෙන් අදාළ ස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ පරීක්ෂණ අවසන් කර ඇති බවත් කෞතුකාගාරය යළි එහි බලධා‍රීන් වෙත භාර කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මීට පෙර සඳහන් කර සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.