ඉදිරිෙය්දී පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුල පවතින තරඟකාරී තත්වය හේතුවෙන් එහි දෙදරීමක් හටගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.
නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වන අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ඉදිරිපත් වීමට තීරණය කර අැති බව වාර්තා වනවා. මේ හේතුවෙන් නැගෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් දේශපාලඥයන් අතර සහ මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයන් අතර විවිධ මතගැටුම් හටගෙන අැති බවයි වාර්තා වන්ෙන්.
නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා එම පළාතේම පුද්ගලයෙකු ඉදිරිපත් විය යුතු බවත් ඊට සුදුසු මුස්ලිම් නියෝජිතයන් ඕනෑ තරම් නැගෙනහිර පළාත තුල සිටින බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා කියා සිටිනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.