ලුණගල, බිබිල යල්කුඹුර 32 කණුව මහ පාලමෙන් නයාකඳුර ඇළට වෑන් රථයක් පෙරැලීමෙන් තිදෙනකු මියගොස් නව දෙනෙක් තුවාල ලබා තිබෙනවා. තවත් තිදෙනෙක් අතුරුදහන්ව ඇති බවද වාර්තා වනවා. මියගොස් ඇත්තේ කුඩා දරුවන් තිදෙනකු සිටින බවද පොලිසිය පවසනවා. මහියංගන ආඳාඋල්පත ප්රදේශයේ මළගෙදරක ගොස් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
මේ අතර ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් අගුණුකොළපෑලැස්සේදී පල්ලමකට පෙරලී තිබෙනවා. එහිදී පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් අගුණුකොළපෑලැස්ස සහ හකුරුවෙල රෝහල්වලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.