2013-02-13

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකාරධූරයෙන් ඉල්ලා අස්වෙයි


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධූරයෙන් ඉල්ලා අස්වන බව චරිත් සේනානායක මහතා පවසනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෑතදී කළ ප‍්‍රකාශ නිසා ඇති වූ සිත් රිදීම් නිසා මෙලෙස ඉල්ලා අස්වන බවයි ඒ මහතා පැවුසවේ. සේනානායක මහතාගේ ධූර කාලය මාර්තු මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණා. අනතුරුව නව කළමනාකරු ලෙස මයිකල් ද සොයිසා මහතා පත් කරන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉකුත් දා නිවේදනය කළේ. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් සේනානායක මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණ වෙනුවෙන් තමන් කැපවී ක‍්‍රියාකළ බවයි.  ඕස්ටේ‍්‍රලියාවේ දී පැවැත්වු තරගාවලිය ඊට උදාහරණයක් බවද ප‍්‍රකාශ කෙරුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.