2013-02-13

ඉඩමක් දෙන්න කම්සැපක් ගත් ප්‍රාදේශීය ලේකම් ආයේත් රිමාන්ඩ්


කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින බඩල්කුඹුර ප‍්‍රාදේශීය ලේකම් ජයන්ත චන්ද්‍රදේව මහතා ලබන 22 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මීට පෙර විභාගයට ගැනුණු අදාළ නඩුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද විවාදයට ගැනුණේ පළමු වතාවටයි. ඉඩමක ඔප්පුවක් සකස් කිරීම සඳහා සැකකාර ප‍්‍රාදේශීය ලේකම්වරයා තමන්ගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා සිටි බවයි පැමිණිලිකාර කාන්තාව අධිකරණය හමුවේ කියා සිටියේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.