නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී සිසුවියගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා වෙත භාර දී ඇතත් එහි සඳහන් කරුණු තවදුරටත් සඟවා තබා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ දරන බව කොළඹ නීති පීඨ ශිෂ්‍ය සභාව චෝදනා කරනවා.
විශේෂඥ වෛද්‍ය කමිටුවක් මඟින් පැවැත්වූ මෙම පරීෂණයේ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා වෙත භාර දී තිබෙන නමුත් එහි අඩංගු තීන්දු තීරණ මෙතෙක් රටට හෙළි කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇතැයි කොළඹ නීති පීඨ ශිෂ්‍ය සභාවේ ජයන්ත දෙහි අත්තගේ මහතා පවසනවා.
විශේෂඥ කමිටුවේ වාර්තාව දින තුනකින් ලබා දෙන්නැයි සෞඛ්‍ය ලේකම්වරයා එම කමිටුවට උපදෙස් ලබා දී තිබුණත් එහි වාර්තාව භාර දීමට එම කමිටුව සති තුනක් පමණ ගත කළ බව ද ඔහු පවසනවා.
ඡායාරූප අනුග්‍රහය : ලංකාදීප ඔන්ලයින් පුවත්පත
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.