වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිය වම් අත අහිමි වූ නීති ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනීගේ මව ජී. ලිලාවතී මහත්මිය ලෙබනනයේ සිට ඊයේ (09)මෙරටට පැමිණි තිබෙනවා. ඇය ඊයේ සවසම කොළඹ ජාතික රෝහලට පැමිණියේ සිය දියණියගේ වම් අත ශල්‍ය කර්මයකින් කපා ඉවත් කිරිමෙන් පසු පළමුවරට දැකගැනීමේ අපේක්ෂාවෙන් වූ අතර එය එහි සිටි සැමගේ නෙතට කඳුලක් එක් වූ සංවේදජනක අවස්ථාවක් වුණා. අචලාගේ පියා ඩබ්ලිව්.කේ. සුගතදාස මහතා පැවසුවේ තම බිරිය දිවයිනට ගෙන්වා ගැනීමට රජය මහත්සේ උදව් උපකාර කළ බවයි. ඒ සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත වන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.
නිවසේදී සිදු වූ වැටීමකදී අස්ථි බිදීමකට ලක්ව මාතර මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෙළුම් පටි (ගල් ප්ලාස්ටරය) දැමීමෙන් පසු අධික වේදනාව හේතුවෙන් මෙම සිසුවිය ජාතික රෝහලට මාරු කර යැවුණා. ජාතික රෝහලේදී සිදු කළ ශල්‍යකර්ම තුනකින් පසු ඇගේ වම් අත කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා. එහිදී ජාතික රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ අතේ අස්ථි බිඳී තිබූ ස්ථානයට පහලින් වූ ස්නායු කිසිවක් ක්‍රියාකාරී තත්ත්වයේ නොතිබූ බවයි. එම ස්නායු මියගොස් ඇති බැවින් අස්ථි භග්නයට ඉහළින් වූ කොට සක්‍රිය මට්ටමේ පවතින බැවින් සෛල මියයාමෙන් ඇති වන විෂ බීජ ඇයගේ හදවතට සහ මොළයට ගමන් කිරීමේ ඉඩකඩ වැඩියෙන් පැවැති බවයි. එහෙත් මාතර රෝහලේ වෛද්‍යවරුන් මේ සිදුවීම තවදුරටත් ඔවුනේගේ වරදක් නොවන්නා සේ කටයුතු කරති.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.