2013-11-19

වසර 23ක් පැරණි රුසියානු ගුවන් යානයට මගීන් 50 දෙනෙකු බිලි

රුසියානු මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවත්කෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙලෙස කඩා වැටී ඇත්තේ එරට කසාන්හි ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට ගිය ටාටාර්ස්ටන් ප්‍රාන්ත ගුවන් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ යානයකි. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වය මෙම අනතුරට හේතුවී ඇති බවට සැක කෙරේ.ටාටාර්ස්ටන් ප්‍රාන්ත සභාපතිවරයාගේ පුත්‍රයාද මෙම ගුවන්යානා අනතුරින් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
කඩා වැටුන ගුවන් යානය අවුරුදු 23ක් පැරණි එකක් බවටද තොරතුරු වාර්තා වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.