2013-02-09

වෛද්‍යවරයාගේ ප්‍රැක්ටිකල් පාඩමක් නිසා හෙද සිසුවිය හලාවත දැඩි සත්කාර ඒකකයට


කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු විසින් කුරුණෑගල හෙද විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන හෙද සිසුවියක ලිංගික  අපයෝජනයට ලක්කිරීම හේතුවෙන් ඇය බරපතල ලෙස රෝගී වී හලාවත මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
හෙද සිසුවිය පෙරේදා (7)  මෙම වෛද්‍යවරයාගේ ලිංගික අපයෝජනයෙන් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අවස්ථාවේ ඇය කුරුණෑගල රෝහලට ඇතුලත් නොකර එදිනම රාත‍්‍රියේ හලාවත  මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් අනාවරණ වූයේ.
තුවාල ලැබූ හෙද සිසුවිය කුරුණෑගල රෝහලට ඇතුළත් නොකොට හලාවත රෝහලට ඇතුළත් කර ඇත්තේ සිද්ධිය හෙලිවීම වැළැක්වීමට බව ද රෝහල් ආරංචි මාර්ග පවසනවා. හෙද සිසුවිය බරපතල තත්වයෙන් හලාවත මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද තොරතුරු වාර්තා වනවා.
Source : LankaCnews.com

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.