2011-12-21

ධීවරයන්ට ජීවිත රක්ෂණයක් අනිවාර්ය කෙරේ

ධීවරයන්ට ජීවිත රක්ෂණයක් අනිවාර්ය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ජීවිත රක්ෂණයක් නොමැති ධීවරයන්ට ලබන වසරේ සිට මුහුදු යාම තහනම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. නාරා ආයතනයට වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ ඊයේ පැවැත් වූ උත්සවයකදී ඒ බව ප‍්‍රකාශ කෙරුණා.
ධීවරයන් සඳහා වූ විශේෂ ජීවිත රක්ෂණයක් මීට මාස 10කට පමණ ඉහතදී හඳුන්වාදුන් බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. එහෙත් ඊට අයදුම්පතක් හෝ ලබාගෙන ඇත්තේ එක් ධීවරයෙකු පමණයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.