2013-02-13

කොකාකෝලා, පෙප්සිකෝලා. කික් කෝලා බොන්නේ පරිස්සමින්.....


නවසීලන්තයේ මීට වසර 03කට පෙර සිදුවු කාන්තාවකගේ මරණයට හේතුව කෝලා වර්ගයේ අධික ලෙස පානය කිරීම බව පශ්චාත් මරණ පරික්‍ෂණයේ දී හෙලිව තිබෙනවා. මුලදී අනාවරණ වූයේ හෘදයේ ඇතිවු හදිසි කම්පනයක් නිසා ඇය මිය ගිය බවයි. එහෙත් එවැන්නක් සිදුවුයේ ඇය කෝලා පානයක් අධි මාත‍්‍රාවෙන් ගැනීමෙන් බව පසුව හෙළිව තිබෙනවා. 
දෛනිකව ඇය විසින් එම අදාළ කෝලා පානයේ ලීටර 10කට ආසන්න ප‍්‍රමාණයක් පානය කර ඇති බවයි කරන ලද විමර්ශනවලදී හෙළිව ඇත්තේ. ඒ නිසා ශරීර ගත වු කැෆේයින් නම් රසායනිකය නිර්දේශිත ප‍්‍රමාණය මෙන් දෙගුණයක් බව වෛද්‍යවරුන් පවසනවා. සීනි ප‍්‍රමාණය නිර්දේශිත ප‍්‍රමාණය මෙන් 11 ගුණයක් බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.