2013-02-13

හලාල් තහනම් කරන්න කිව්වේ නැහැ - වර්ජනය කරන්න විතරයි කිව්වේ


හලාල් නිෂ්පාදන වර්ජනය කරන්නැයි බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටියා මිස තමන් කිසිදු අවස්ථාවක හලාල් සහතිකය තහනම් කරන්නැයි යෝජනා නොකළ බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහෙත් ඇතැම් පිරිස් කරුණු වරදවා දැක්වීමෙන් අනවශ්‍ය මතභේදයක් නිර්මාණ වූ බවයි එම සංවිධානයේ විධායක කමිටු සාමාජික ඩිලන්ත විතාන මහතා පෙන්වා දුන්නේ. ඉස්ලාමීය මහජන නියෝජිතයන් කිහිපදෙනෙකු සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ද ඒ බව පැහැදිලි කළේ යැයි ඒ මහතා කියා සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන කබීර් හෂීම් මහතා විසින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ද ඊට එක්ව සිටි බවයි ඩිලන්ත විතාන මහතා පැවසුවේ. 
මේ අතර හලාල් සම්බන්ධයෙන් මතභේදයට හේතුව එම සහතිකය රාජ්‍ය නොවන ආයතනයක් විසින් ලබාදීම බව එක්සත් ජාතික පක්ෂය සහ තවත් පාර්ශ්ව කිහිපයක් මීට පෙර පෙන්වා දුන්නා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එම සහතිකය ලබාදීම ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් විසින් සිදුකළ යුතු බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.