2013-02-13

සිය 12 හැවිරිදි දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට


තම‍ දොළොස් හැවිරිදි දියණියට ලිංගික අතවරයක් කළ බවට අත්අඩංගුවට ගනු ලැබූ පියකු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබන 26 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා. 
මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ ගල්කිස්ස, බඩෝවිට, තුන්වැනි අදියරේ පදිංචි පුද්ගලයකුයි. අතවරයට පත් දැරියගේ මව වසර කිහිපයකට පෙර පියාව අතහැර ගොස් ඇති අතර දැරිය සහෝදරයන් දෙදෙනා සමඟ මිත්තණියගේ නිවෙසේ පදිංචිව සිට තිබෙනවා. 
පසුගියදා (10දා) මිත්තණිය පෞද්ගලික කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව ගොස් සිටි අවස්ථාවේ දැරිය සහ සහෝදරයන් දෙදෙනා පියා සමඟ නිවෙසේ රැඳී සිට ඇති අතර පියා වැඩිමහල් සොහොයුරා බඩු ගෙන ඒම සඳහා වෙළෙඳපොළට යවා බාල සොහොයුරාට නිවෙසින් එළියට ගොස් සෙල්ලම් කරන ලෙස පවසා දැරියට අතවර කර ඇති බව පැවැසෙනවා. අතවරයට පත් දැරිය පොලිසිය විසින් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකරනු ලැබුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.