කුලියට ගත් අවුරුදු දෙකක් පමණ වයසැති දැරියක පෙන්වමින් දුම්රියේ සිඟාකෑමේ යෙදී සිටි පුද්ගලයෙක් මීගමුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක දී දුම්රිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්රිය මගීන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම යාචකයා අත්අඩංගුවට ගනු ලැබුවේ දුම්රිය ආරක්ෂක අංශයේ සහකාර අධිකාරී අනුර පේ‍්‍රමරත්න සහ පරීක්ෂක ඊ.එම්.යූ.ජේ.ඒ. ඒකනායක යන මහත්වරුන් විසිනි.
දැරියගේ අනන්යතතාව හෙළි කර ගැනීම සඳහා කළ ප්‍රශ්න කිරීම්වල දී ඇය කළ ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙනී ගියේ යැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. දැරිය දුම්රිය ආරක්ෂක හමුදාව භාරයට ගන්නා විට මලානික ස්වරූපයකින් සිටි බව පැවසේ. ඇගේ අනන්‍යතාව හෙළි කර ගැනීම සඳහා පරිවාස දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාව කටයුතු යොදා ඇත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.