2013-02-09

මැද කොළඹින් භාගයක් එපා - ෆවුසි ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් නැගිට යයි


‘මට මැද කොළඹ සංවිධායකමෙන් භාගයක් එපා. දෙන්න  ඕනනම් සේරම ෆයිසර්ටම දෙන්න. පල නොකියා පලා බෙදන්න එපා’යයි පවසමින් මැද කොළඹ ශ‍්‍රීලනිප සංවිධායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය A.H.M. ෆවුසි මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් නැගිට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ මහතා මෙසේ පවසා ඇත්තේ මැද කොළඹ ආසනයට තවත් සංවිධායකයෙකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පත් කිරීමට විරෝධය පල කරමින්.
මුස්ලිම් ජාතිකයෙකු වන තමා නායකත්වය දරන මැද කොළඹ ආසනය සඳහා තවත් මුස්ලිම් ජාතිකයෙකු පත් කිරීමේ තර්කානුකූල පදනම කුමක්දැයි දැඩි ස්වරයෙන් ප‍්‍රශ්න කර ඇති ෆවුසි මහතා මැද කොළඹ ආසනයේ සිංහල හෝ දෙමල ඡන්ද දිනා ගැනීමට නම්  ඒ සඳහා පත් කල යුත්තේ සිංහල හෝ දෙමල ජාතික සංවිධායකවරයෙකු බවද පවසා තිබෙනවා. අවසානයේ අමාත්‍යවරයා මධ්‍යම කාරක සභාවෙන් නැගිට ගොස් ඇත්තේ කිසි ලෙසකින්වත් මැද කොළඹ සම සංවිධායක ධුරය බාර නොගන්නේ යයි පවසමිනි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.