2013-02-11

පස් දිනැති බිළිඳාට ලංසුව රුපියල් ලක්ෂ දෙකයි

දින පහක් වයසැති බිළිඳකු රුපියල් දෙලක්ෂයකට විකිණීමට තැත් කිරීමක් පිළිබඳ තොරතුරු අවිස්සාවේල්ල රෝහලෙන් වාර්තා වනවා. 
අවිස්සාවේල්ල රෝහලේදී පස් දිනැති බිළිඳා විකිණීමට තැත් කළ බවට සැකකරන  සේවිකාවක් සහ අඹුසැමි යුවළක්ද සැකපිට අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලීසිය පවසනවා. 
බිළිඳා  සේවිකාවකට බාරදී මව රෝහලෙන් පිටවී ගොස් ඇතැයි ද ජාතික ළමා රක්ෂණ අධිකාරිය අනාවරණය කරනවා. ළමාරක්ෂණ අධිකාරිය සහ අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.