2013-03-21

රාජ්‍ය ආයතනවලටත් අප්‍රේල් 01 වැනිදා සිට හලාල් හරාම් වෙයි


සියලූම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට අයත් ආපනශාලාවන්හි ලබන අපේ‍්‍රල් 1 දා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්, කිරි පැකට්, සිසිල්බීම සහ බිස්කට් යනාදී සියලූ ද්‍රව්‍ය අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේ. සම්පත් මහතා පවසනවා. 
හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව ද සඳහන් කරන අසේල සම්පත් මහතා එය සියලූ දෙනාට ම සාධාරණ ක‍්‍රියාමාර්ගයක් බව ද ඔහු පවසනවා.
අද වන විට හලාල් භාණ්ඩ පාරිභෝගිකයන් මිල දී ගැනීමට මැළිකමක් දක්වන බවත් වෙනත් ආදේශක ඒ වෙනුවට වෙළෙඳපොළට පැමිණ ඇති බවත් ඒ මහතා අවධාරණය කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.