අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී මීට ටික වේලාවකට පෙර වැඩි ඡන්ද 12කින් සම්මත වුණා. ඉන්දියාව මෙවර ද එකී යෝජනාවට සහය දුන් අතර ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 25ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 13ක් පමණි.
රටවල් 8ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 47ක් සුදුසුකම් ලබා තිබුණා.
යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් ගණන 25කි.
1. බෙනින්
2. කොස්ටරිකා අයිවරි
3. ලිබියාව
4. සියරාලියෝන්
5. ඉන්දියාව
6. කොරියාව
7. චිලි
8. කොස්ටරිකා අයිවරි
9. පේරු
10. ඔස්ට්‍රියා
11. ජර්මනි
12. අයර්ලන්තය
13. ඉතාලි
14. ස්පාඤ්ඤය
15. ස්විස්ටර්ලන්තය
16. එක්සත් ජනපදය
17. චෙක් ජනරජය
18. එස්තෝනියාව
19. මොන්ටිනෙග්‍රෝ
20. පෝලන්තය
21. ආර්ජන්ටිනාව
22. බ්‍රසීලය
23. රුමෙනියාව
24. ගෝතමාලාව
25. මෝල්ඩෝවා ජනරජය
යෝජනාවට විපක්ෂව ඡන්දය දුන් රටවල් ගණන 13කි
1. පාකිස්තානය
2. වෙනිසියුලාව
3. ඉක්වදෝරය
4. කොංගෝව
5. ඉන්දුනීසියාව
6. උගන්ඩාව
7. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
8. කටාර්
9. මොරිටේනියා
10. පිලිපීනය
11. මාලදිවයින
12. තායිලන්තය
13. උගන්ඩාව
යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමෙන් වැළකි සිටි රටවල් ගණන 8කි
1. ඇන්ගෝලාව
2. බොස්ට්වානා
3. බුර්කිනා ෆාසෝ
4. කෙන්යාව
5. ජපානය
6. කසකස්තානය
7. මලයාසියාව
8. ගැබොන්
කෙසේ වෙතත් ගැබොන් රජයේ ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන සඳහනක් නැත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය 2012 වසරේ මාර්තු 22 දිනද යෝජනාවක් ඉදිරිපත් වුණා. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ එම යෝජනාවට පක්ෂව ඡන්ද 24ක්ද එරෙහිව ඡන්ද 15ක්ද ලැබුණි.
රටවල් 8ක නියෝජිතයින් මෙම අවස්ථාවේ ඡන්දය දීමෙන් වැළකී සිටින ලදී. අසල්වැසි ඉන්දියාව ද යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.
උපුටා ගැනීම අද දෙරණ
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.