2013-05-05

පහන් කණු ලෙස සිටින තරුණියන් ස්නායු රෝගවලට ලක්වන අවදානමක්

විවිධ උත්සව සහ ප්‍රසංගයන්හි පහන් කණු වෙනුවට තරුණියන් යොදා ගැනීම මගින් ඔවුන් ස්නායු ආබාධවලට ලක්වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම මෙම ක්‍රමය වැළැක්වීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. 
විවිධ උත්සව අවස්ථාවන්හි සහ ප්‍රසංගයන්හි එම ප්‍රසංග ආරම්භ කිරීමට පෙර සාම්ප්‍රදායනුකූල පොල් තෙල් පහන දැල්වීම සඳහා පහන් කණු වෙනුවට නූතනයේ විවිධ විලාසිතාවන්ට ඇන්දවූ තරුණියන් එකම ඉදිරියව්වෙන් විනාඩි විස්ස තිහ කාලයක් සිටිනු දක්නට ලැබෙන අවස්ථා සුලභය. එලෙස විනාඩි විස්ස තිහ එකම ඉරියව්වෙන් සිටීම තුලින් ඔවුන්ගේ ස්නායු පද්ධතියට හානි සිදු විය හැකි බව හඳුනාගෙන තිබෙනවා. එම නිසා මෙම තීරණ ගැනීමට අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. 
එසේම එම තීරණය කැබිනට් අනුමැතිය ගන්නා තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය ආයතන මගින් පවත්වන උත්සවයන්හිදී මෙලෙස තරුණියන් යොදා ගැනීම නතර කරන ලෙද අමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇති බවද වාර්තා වනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.