දකුණු අප්රිකාව සමග පැවති දෙවන එක්දින ක්රිකට් තරගයෙන් ලකුණු 66ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය ඊයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ ඩුබායි අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 209ක් රැස්කළා. අහමඞ් ශෙෂාඞ් ලකුණු 58යි. කෙසේවෙතත් ලකුණු 210ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 143කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත්වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ලකුණු 26ක් සහ කඩුලූ 3ක් දවාගනිමින් තුන්ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ සයිඞ් අෆ්රිඞී. තරග 5කින් සමන්විත මෙම තරගාවලිය
මේ වන විට පවතින්නේ එකට එකක් ලෙස සම තත්ත්වයේයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.