2012-03-01

මහින්ද රාජපක්ෂට එරෙහි නඩුවක් අමෙරිකානු අධිකරණයෙන් ඉවතට


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි තවත් නඩුවක් අමෙරිකාවේ අධිකරණයක් විසින් ඉවත දමා තිබෙනවා. යුද අපරාධ සිදු කළ බවට මෙම නඩුවෙන් චෝදනා නගා තිබුණේ විදෙස් රැකවරණ ලබමින් සිටින උතුරේ වැසියන් තිදෙනෙකු ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින්. කෙසේ වෙතත් දිස්ති‍්‍රක් විනිසුරු කොලීන් කොලාර් කෝට්ලි මහතා මෙහිදී කියා සිටියේ මෙම නඩුව ඉවත දැමීමේ තීරණය සැහැල්ලූවෙන් ලබා ගන්නා එකක් නොවන බවයි.
නගා ඇති චෝදනා බරපතල එ්වා වනවා. එහෙත් රාජ්‍ය තාන්ති‍්‍රක නීතිරීතිවලට අනුව ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා සිය අධිකරණය හමුවට කැඳවිය නොහැකි බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ. විදෙස් රටක රාජ්‍ය නායකයෙකු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකාව තුළ වුවද මුක්තියක් හිමිවනවා. එය ඔබාමා පරිපාලනය මෙන්ම එරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ද තහවුරු කර ඇති බව විනිසුරු කෝට්ලි සිය තීන්දුවෙක් ප‍්‍රකාශ කළේ යැයි සුප‍්‍රකට ෆොක්ස් නිවුස් වෙබ් අඩවිය කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.