කොළඹ, නගර ශාලාව ආසන්නයේ පිහිටා ඇති 'සලාකා' ගොඩනැඟිල්ලේ පවත්වාගෙන ගිය නීති විරෝධී කැසිනෝ සූදු පොළ සතියක් තුළ දෙවැනි වතාවටත් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඊයේ වටලා සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කොම්පඤ්ඤවීදිය පොලිසියේ 11 දෙනකුගෙන් යුත් නිලධාරීන් පිරිසක් මේ මෙහෙයුමට සහභාගි වී ඇති අතර, සැකකරුවන් අද (19දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය සතියේදීත් මෙම කැසිනෝ සූදු පොළ පොලිසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් වටලනු ලැබ සැකකරුවන් 43 දෙනකු හා මුදල් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් නමුත් පැය 24ක් තුළදී වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරීන් 23 දෙනකුට වහාම ස්ථාන මාරුවීම් ලැබුණු බව මාධ්‍ය වාර්තා කෙළේය.
වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන් එසේ මාරු කිරීම දේශපාලන පක්ෂවල දැඩි දෝෂදර්ශනයට ලක්විය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.