2013-06-27

පෙම්වතිය සහ ඇගේ මව ඝාතනය කළ තරුණයෙකු 09 වැනිදා දක්වා යළි රිමාන්ඞ්


තම පෙම්වතියට සහ ඇගේ මවට තියුණු ආයුධයකින් පහරදී නිවස තුලදීම ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා ජුලි 09වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරු අද අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත්, අතිරේක දිසාවිනිසුරු චන්දිම එදිරිමාන්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. තම පෙම්වතියගේ පියාට ද තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකළ බවට ද සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. ජුලි 09 වැනි දිනයේ දී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මරණ පරීක්‍ෂණ සාක්‍ෂි කැඳවීමට ද අධිකරණය විසින් පොලිසියට නියෝග කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.