2013-06-26

හිටපු කොටි නායිකා තමිලිනී නිදහස් කොට මව්පියන් භාරයට

යුද හමුදාව යටතේ පුනරුත්ථාපනය ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායිකා සිවසුබ‍්‍රමනියම් සිවගාමී හෙවත් තමිලිනී අද (26) සිය දෙමව්පියන් වෙත භාරදෙනු ලැබුවා. ඒ වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදියි. තමිලිනී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 2009 වසරේ මැයි මස 20 වැනිදා වවුනියාවේදියි. ඉන් අනතුරුව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ තමිලිනී වසරක පමණ කාලයක් පුනරුත්ථාපනය සඳහා යොදවන ලෙසයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශ නායිකා තමිලිනී සිය මවුපියන් වෙත භාරදීමෙන් අනතුරුව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බි‍්‍රගේඩියර් දර්ශන හෙට්ටිආරච්චිට කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 350 කට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය ලබමින් සිටින බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.