සුදු සදුන් ශාඛයක කොළ යැයි සිතා කොකේන් කොළ මැල්ලුමක් කෑ මාතලේ වාරියපොල ප‍්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අද (27) මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන් රෝහල් ගත කෙරුණේ තද මත්ගතියක් හේතුවෙනි. මොවුන් අද (27) දහවල් බත් සමග මෙම කොළ මැල්ලුම ආහාරයට ගෙන ඇති බව වාර්තා වනවා.
පෞද්ගලික පැල තවානක් මගින් සුදු සදුන් පැලෑටියක් ලෙස බෙදා දී ඇති ඇති මෙම පැලෑටිය කොකේන් බව හදුනාගෙන තිබේ.
මේ අතර, ඉකුත්දා මාතර ප‍්‍රදේශය තුළ සුදු සදුන් ලෙසට වගා කර තිබූ කොකේන් පැලෑටි විශාල ප‍්‍රමාණයක් විනාශ කර දැමීමට සිදුවූ අයුරින් මාතලේ වාරියපොල සහ අවට ගමමානවල රෝපනය කර ඇති මෙම පැලෑටි ඉවත් කිරීමේ අවශ්‍යතාව ප‍්‍රදේශවාසිහු පෙන්වාදෙති.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.