2013-07-02

ලස්සන කෙල්ලන්ගේ නිරුවත් ෆෙටෝ ගත් මහාචාර්යවරයා අත්අඩංගුවට

තරුණියන් හෝටල් වලට අරන් ගිහින් සමලිංගිකයන් ලෙස හැසිරෙන්න කියලා...


විදේශයන්හි සිට ස්කයිප් තාක්ෂණය හරහා සිසුවියන් හා සුරූපී තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් නිරුවත් ජායාරූප ජාවාරමක් සිදු කළ මහාචාර්යවරයෙක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන බ්‍රහස්පතින්දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව මෙම මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනුණා. මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් බව කියන නවරත්න පතිරණගේ නලින් මුත්කුමාර නවරත්න නැමැති අයෙකුයි. ඔහුගේ ලංකාවේ පදිංචිය ලෙස අංක 25/14 හරමුල්ල පාර වේයන්ගොඩ යන ලිපිනය සොයාගෙන තිබෙනවා.

මෙම මහාචාර්යවරයා කොළඹ අංක එක මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසුව ලබන බ්‍රහස්පතින්දා හදුනාගැනීමේ පෙරට්ටුවක් වෙත ඉදිරිපත්කරන ලෙසද නියෝගකර තිබෙනවා. මෙම මහාචාර්යවරයා පිග්ලට් පූස්පැටියා හා ගයාන් විජේ යන නම්වලින් පෙනී සිටිමින් සිසුවියන් හා තරුණියන් සමග සබදතා පවත්වා ඇත. වරින්වර ලංකාවට පැමිණ ඇති මොහු සිය බිරිය හා දරුවන් සුපිරි හෝටල්වල නවත්වා ස්කයිප් හරහා සබදතා පැවැත්වූ තරුණියන් හෝටල්වලට රැගෙන ගොස් මෙසේ නිරුවත් ජායාරූප හා වීඩියෝ ලබාගෙන ඇති බව හෙළිවී තිබෙනවා.

මොහු තරුණියක පළමුවර හමුවන අවස්ථාවේදි එය සුහද කතා බහකට පමණක් සීමා කරණ බවත් පසුව එය වැඩිවර්ධනය කර ගැනිමින් අදාල ජායාරූප ගැනීමට පොළඹවාගන්නා බවද රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා වේ දැක්වෙනවා. සැකකරුගේ අනන්‍යතාව තහවුරුකර ගැනීම රහස් පොලිසියට ඉතා අසීරුවී ඇති බවත් මොහු ස්කයිප් තාක්ෂණය හරහා ගනුදෙනු කළ ආකාරය පිළිබදව නවීන විධික්‍රම යොදා ගනිමින් සැකකරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලින්ම ඔහුගේ රියදුරු රහස් පොලිසිය විසින් පරීක්ෂණ ඔස්සේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වරක් තරුණියන් දෙදෙනෙකු හෝටල් කාමරයකට ගෙන ගොස් ඔවුන්ට සම ලිංගිකයන් ලෙස හැසිරෙන ලෙස උපදෙස්දී එම දසුන් වීඩියෝ හා ජායාරූපගත කර ඇති බවද පැවසෙනවා. එසේම තවත් වරෙක ඔහුගේ ලංකාවේ රියදුරු ලෙස කටයුතු කළ අයට තරුණියක් හා හැසිරෙන ලෙස පවසා එයද වීඩියෝ හා ජායාරූපගත කර ඇතැයි පැවසෙනවා.

මෙසේ ජායාරූපවලට පෙනී සිටින්නට අකමැති තරුණියන්ව ඔවුන්ගේ නිරුවත් ජායාරූප අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කර අදාල දර්ශනවල පෙනි සිටීමට පොළඹවා ඇති බවද වාර්තා වෙනවා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාසල් සිසුවියන්ට හා තරුණියන්ට තමන් නොදන්නා අය සමග අන්තර් ජාලය හරහා සම්බන්ධතා ඇති නොකරලන්නා ලෙසද ඉල්ලීමක් කර සිටී.
- පැපරාසි නිව්ස් ලංකා -

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.