බුත්තල පැල්වත්ත ප්‍රදේශයේදී 1995-06-11 හෝ ඊට ආසන්න දිනයක ඇති වූ කෝලහලයකදී පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් මිනීමැරීම ඇතුළු චෝදනා පහක් සඳහා එස්.එල්.පී. ලාල්, එස්.ආර්.පී. ජයන්ත, කේ. මුණසිංහ, පී.ජී. කරුණාදාස සහ රෝහණ විජේනායක යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී එම නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේදී එම විත්තිකරුවන් අනියම් මිනීමැරීම යන චෝදනාව යටතේ වැරැද්ද පිළිගෙන ඇත. එහිදී මොණරාගල මහාධිකරණ විනිසුරු කේ.එම්.ජී.එච් කුලතුංග මහතා පළමු වැරදිකරු වන එස්.එල්.පී. ලාල් හා අවුරුදු පහළොව හමාරක බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද රුපියල් 25000ක දඩයක්ද මරණකරුගේ බිරිඳට රුපියල් 75000ක දඩයක්ද ගෙවන ලෙස නියෝග කර ඇත. එසේ නොකරන්නේ නම් අවුරුදු 4 බැගින් සිර දඩුවම් දීර්ඝ කිරීමට නියෝග කර ඇත. පස්වන වැරදිකරු වන රෝහණ විජේනායක හට අවුරුදු දහය හමාරක බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද රුපියල් 25000ක දඩුයක්ද මරණකරුගේ බිරිඳට රුපියල් 75000ක දඩයක්ද ගෙවන ලෙස නියෝග කර ඇත. එසේ නොකරන්නේ නම් අවුරුදු 4 බැගින් සිරදඩුවම් දීර්ඝ කිරීමට නියෝග කර ඇත. පිළිවෙළින් 2, 3, 4 වැරදිකරුවන් වන එස්.ආර්.පී. ජයන්ත, කේ. මුණසිංහ සහ පී.ජී. කරුණාදාස හට අවුරුදු 5යි මාස 6ක සිරදඩුවමක්ද රුපියල් 25000ක දඩයක්ද මරණකරුගේ බිරිඳට රුපියල් 75000 දඩයක්ද ගෙවන ලෙස නියෝග කර ඇත. එසේ නොකරන්නේ නම් අවුරුදු 4 බැගින් සිර දඩුවම් දීර්ඝ කිරීමට නියෝග කෙරුණා.
2013-07-04
මිනී මැරුමකට සම්බන්ධ පුද්ගලයන්ට බරපතල සිරදඬුවම්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.