යාපනයේ තල් සෙවණ නිවාඩු නිකේතනය ලෝකයේ රටවල් 188ක් අභිබවා International Star for Leadership in Quality Award ජාත්‍යන්තර රන් සම්මානයෙන්ද පිදුම් ලබයි.
විශේෂිත කරුණු 10ක් සැලකිල්ලට ගෙන ප්‍රදානය කරන්නා වූ මෙම සම්මානය පැරිස් නුවර පැවැති උත්සවයකදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාට ප්‍රදානය කෙරුණා. දැනට මෙම නිකේතනය දේශීය සංචාරකයන්ට රාජ්‍ය අමුත්තන්ට පමනක් නොව විදේශීය තානාපතිවරුන් සහ සම්භාවනීය අමුත්තන්ගේ සංචාරයටද ලක්වී තිබෙනවා.
දශක තුනක් පුරාවට පැවැති යුද්ධය නිමාවී රටට සාමය උදාවීමත් සමගම යුද හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අයවලුන් යාපනය අර්ධද්වීපය නැරඹීම සඳහා විශාල ලෙස පැමිණෙන්නට වීම තල් සෙවණ නිවාඩු නිකේතනය පිහිටුවීමේ මූලාරම්භය වුණා.
ඒ අනුව 2010-10-02 වන දින යාපනය අරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ සංකල්පයක් මත ඉතා අලංකාර හා අංග සම්පූර්ණ ලෙස ඉදිවූ තල් සෙවණ නිවාඩු නිකේතනය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතරේ ප්‍රචලිත වන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි.
මෙහි ඇති විශේෂත්වය නම් මනහර ඉන්දියන් සාගරයෙන් වට වූ යාපනය අර්ධද්වීපයේ ඇති ඉතා මනස්කාන්ත සිත් ඇදගන්නා සුළු නිශ්කලංක පරිසරයක් තුළ මෙම නිකේතනය පිහිටා තිබීමයි. එමෙන්ම මෙහි සේවය කරන යුද හමුදා සෙබලුන් හොටල් ක්ෂේත්‍රය පිළිබඳ මනා පුහුණුවක් ලැබීමෙන් අනතුරුව ඔවුන් යුද හමුදාව තුළ ලබා ඇති විනය, ආචාරශීලීත්වය සහ පිරිසිදුකම තම රාජකාරියට එකතු කර ගනිමින් ඉතා අනගි කාර්යක්ෂම සේවයක් පැමිණෙන අමුත්තන් හට නිරතුරුවම ලබාදේ. තවද මෙම නිකේතනයේදී ඉතා සාධාරණ මිලට ප්‍රණීත පෙර අපරදිග ආහාර හා නවීන පහසුකම්වලින් සමන්විත අතර සුඛෝපභෝගි කාමර පහසුකම්ද ලබාගැනීමට හැකියාව ඇත. මෙම ජයග්‍රහණය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජයග්‍රහණයක් පමණක් නොව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයටද මහත් රුකුලක් වේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.