2013-07-04

ඇටමිදුලු බද්ධයෙන් පසු එච්.අයි.වී. ප්‍රතිකාර ඕනි නැහැලු

එච්.අයි.වී. වෛරසයෙන් හා පිළිකාවකින් පීඩා විඳි රෝගීන් දෙදෙනෙකුට ඇට මිදුළු බද්ධ කිරීමක් සිදුකිරීමෙන් අනතුරුව එච්.අයි.වී. වෛරසය සඳහා ප්‍රතිකාර ලබාදීම අනවශ්‍ය වී ඇතැයි වාර්තා වේ.
ඒ, ඇට මිදුළු බද්ධ කිරීමෙන් පසුව එච්.අයි.වී. වෛරසය ඔවුන්ගේ ශරීර වලින් දිස් නොවීම හේතුවෙනි. මෙම සිද්ධිය වාර්තා වන්නේ ඇමෙරිකාවේ බොස්ටන් නුවර රෝහලකිනි. මේ අතරින් එක් රෝගියෙක් සති 15ක් සිය එච්.අයි.වී. ප්‍රතිකාර නවත්වා ඇති අතර, අනෙක් රෝගියා සති 7ක් සිය ප්‍රතිකාර නවත්වා තිබේ.
-->
කෙසේ වෙතත්, ඔවුන්ගේ ශරීර වල එච්.අයි.වී. වෛරසය තවමත් දක්නට නොලැබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ. එසේ වුවද, වෛද්‍යවරුන් පවසන්නේ වෛරසය යළි මතුවිය හැකි බැවින් මෙය ඒඩ්ස් ප්‍රතිකාරයක් වශයෙන් නිශ්චිත ලෙස සැලකීමට වේලාසන වැඩි බවයි. කෙසේ වෙතත්, මෙය අනාගතයේදී ඒඩ්ස් සුවකිරීමට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවට තුඩු දෙන්නකි. මෙම සොයාගැනීම මැලේසියාවේ ක්වාලා ලම්පූර් හි පැවැත්වුනු ජාත්‍යන්තර ඒඩ්ස් සමුළුවටද ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.