2013-08-22

ඇඹිලිපිටිය-උඩවලව බස් සේවකයන්ගේ කෙනහිලිකම් ඇඹිලිපිටිය රත්නපුර බස් වැඩවරවති


රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනයට උඩවලව ඇඹිලිපිටිය බස් රථ සේවකයින්ගෙන් බාධා හිරිහැර සිදුවෙන බව පවසමින් රත්නපුර ඇඹිලිපිටිය පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ. අද (22) පස්වරු 1.30ට පමණ වර්ජනය ආරම්භ කළ බව රත්නපුර ඇඹිලිපිටිය බස් රථ සේවකයෝ කියති. 
උඩවලව සිට ඇඹිලිපිටිය දක්වා ප්‍රදේශයේදී තම රියැදුරු හා කොන්දොස්තරවරුන්ට පහරදීම් සිදුවෙන බවත් එම ප්‍රදේශයේදී තම බස් රථවල පිටුපස දොර වසාගෙන මගීන් පටවා නොගෙන යන ලෙසද තර්ජනය කර ඇතැයිද රත්නපුර ඇඹිලිපිටිය බස් සේවක සංගමය කියයි.
මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කළ බව එම බස් සේවක සංගමය පවසනවා. 
උඩවලව ඇඹිලිපිටිය බස් රථ සේවකයෝ පවසන්නේ ඇඹිලිපිටිය රත්නපුර පෞද්ගලික බස් ධාවනය යනු දුරගමන් සේවයක් බවයි. එවැනි බස් රථ කෙටි දුර බස් රථවලින් ගමන් කරන මගීන්ද පටවාගන්නා නිසා තමන්ගේ ආදායම බිඳවැටී ඇතැයි ඔවුන් කියති. අතරමග සෑම බස් නැවතුම් පොළක රත්නපුර ඇඹිලිපිටිය බස් රථ නවතා මගීන් රැගෙන යන බවද උඩවලව බස් සේවකයෝ චෝදනා කරනවා. 
මේ පිළිබඳ අදහස් දක්වන මගී ජනතාව පවසන්නේ උඩවලව ඇඹිලිපිටිය බස් සේවාව ඉතාමත් දුර්වල ආකාරයෙන් ගමන් වාරයන් සිදු කරන බවයි. කිලෝ මීටරයක් ධාවනය කිරීමට උඩවලව ඇඹිලිපිටිය බස් රථයකට විනාඩි පහකට වඩා කාලයක් ගත වන බවත් තමන්ට නිසි පරිදි සේවාවක් සපයා ගැනීමට නොහැකි බවත්ය. ඇඹිලිපිටියේ සිට උඩවලව බැරියර් හන්දිය දක්වා ගමන් කිරීමට උඩවලව ඇඹිලිපිටිය බස් රථයකට ඇත්තේ කිලෝ මීටර් 20කට ආසන්න දුරක් වුවද ඔවුන්ට එය ගමන් කිරීමට පැයකට ආසන්න කාලයක් ගත වන බවද මගී ජනතාව චෝදනා කරනවා. එම නිසා රත්නපුර ඇඹිලිපිටිය බස් රථවලින් තමන්ට සැලසෙන සේවාව වඩාත් සහනදායක බවද ඔවුන් පෙන්වා දෙනවා.  එම නිසා මෙම ගැටලුවට විසඳුමක් සැපයීමේදී උඩවලව ඇඹිලිපිටිය බස් රථ ගමන්වාරවල ගමනාගමනයන් විධිමත් කරන ලෙසද ජනතාව ඉල්ලා සිටිනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.