2013-08-22

මාදම්පේ යකඩ සේවකයෝ වැඩ වැරුමක.....


පරණ යකඩ උණු කර නැවත යකඩ නිෂ්පාදනය කරන මාදම්පේ, සුදුවැල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරන ඉන්දීය ජාතික සේවකයින් විසින් 21 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉන්දීය ජාතික සේවකයන් 120ක් පමණ සහ මෙරට සේවකයින්ද මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබනවා. මෙම කර්මාන්ත ශාලාවේ සේවය සඳහා පැමිණි තමන්ට පාලනාධිකාරිය විසින් පොරොන්දු වූ වැටුප නොගෙවන බවත් ලබාදෙන වැටුපවත් නියමිත දිනට නොලැබෙන බවත් වර්ජනයට එක්ව සිටින සේවකයින් පවසනවා. නියමිත පරිදි වැටුප් නොලැබෙන බැවින් ආපසු තම රටට යාමට අවශ්‍ය බවත් ප්‍රකාශ කරන ඉන්දීය සේවකයින් තමන්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලිමින් කර්මාන්ත ශාලාවේ කාර්යාලය අසල 22 වැනිදා පෙරවරුවේ රැඳී සිටියේය. වැඩ වර්ජනයට එක්වී සිටින ඉන්දීය සේවකයින් සේවය කරනුයේ කර්මාන්ත ශාලාවේ ඇඹරුම් අංශයේ වන බැවින්  සෙසු අංශවල සේවා කටයුතුද ඇණහිට ඇති බව දැනගන්නට ඇත. කර්මාන්ත ශාලාව අවට පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.