ගිලන් රථ රියැදුරෙකු ලෙස සේවය කිරීමට තමන්ට ලැබුණු අවස්ථාව අහිමි නොකරන්නැයි ඉල්ලා උතුරු මැද පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියැදුරෙක් අනුරාධපුරයේ පිහිටි පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වහලය මත නැගී උපවාසයක නිරතව සිටිනවා.
තඹුත්තේගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන එච්.එන්.කේ.පී. විජේරත්න නමැති මෙම රියැදුරා අද (15) පෙරවරුවේ සිට වහලය මත නැගී ආහාර පානාදියෙන් වැළැකී මෙලෙස උපවාසයේ නිරතව සිටියි.
ඔහු පවසනුයේ නොච්චියාගම රෝහලේ ගිලන් රථයේ සේවය සඳහා රියැදුරෙකු බඳවා ගැනීමට උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියැදුරන් අතර පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා සිටින තමන්ට එම අවස්ථාව ලබානොදී තමන්ට වඩා අඩු ලකුණු ලැබූ රියැදුරෙකුට පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් එම අවස්ථාව ලබාදී ඇති බවයි.
මේ අසාධාරණය ගැන මාස පහකට වැඩි කාලයක් තිස්සේ පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට කරුණු ඉදිරිපත් කළද සාධාරණයක් ඉටුනොවූ නිසා තමන් මෙම තීරණය ගත් බව කී රියැදුරු විජේරත්න මහතා තමන්ට හිමි පත්වීම ලබාදෙන තුරු වහලය මත උපවාසයේ නිරත වෙන බව පැවසීය.
රියැදුරු විජේරත්න මහතාට සහාය පළකරමින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් රියැදුරන් පිරිසක්ද අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටිති.
උතුරු මැද පළාතේ රජයේ සෞඛ්‍ය රියැදුරන්ගේ සංගමයේ ලේකම් කේ.පී. ධර්මපාල මහතා කියා සිටියේ රියැදුරු විජේරත්න මහතා උපවාසයේ නිරතව සිටින්නේ සාධාරණ ඉල්ලීමක් පදනම් කරගෙන බවයි. ඒ නිසා ඒ මහතාට සිය සංගමයේ සහයෝගය හිමිවෙන බව කී ලේකම්වරයා, ඔහුගේ ඉල්ලීම ඉටුකිරීමට පළාතේ සෞඛ්‍ය බලධාරීන් පියවර නොගන්නේ නම් සිය සංගමයේ සියලුම සාමාජිකයින් වෘත්තීය සමිති ක්රීයාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව පැවසීය.
අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවයා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතාගෙන් මේ ගැන අප කළ විමසීමකදී සුදුස්සාට සුදුසු තැන හිමිවෙනු ඇතැයි කී ඒ මහතා සන්නිවේදනයේ අඩුපාඩුවක් නිසා වැරදි අවබෝධයක් ඇති කරගෙන විජේරත්න රියැදුරු මහතා මෙලෙස උපවාසයේ යොදෙන බව පැවසීය. කෙසේ වෙතත් ඉක්මනින්ම මේ ගැටලුව විසඳෙනු ඇතැයිද වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැවසීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.